Thursday, March 29, 2012

Old Images of Sri Lanka



Banyan Tree- Colpetty

 
Boats in canal- Negambo



 
Bristol Hotel- Colombo


 
Colombo Kandy Rail



 
Dimbula Bungalow



 
Galle face Hotel - Colombo


 
Galle face Hotel – Colombo (1860)



 
Grand Oriental Hotel



House Boat – Wellawatta Stream


 
Matara- Polwatta Rail Bridge



Matara Station - 1895


 
Mt lavinia Hotel





 
Mt Lavinia Hotel -1865


 
Mt Lavinia Hotel – 1865








 
Colombo Museum


 
Ohiya Station – 1893








 
Peradeniya Garden Entrance


 
Royal Hotel – 1860







 
Talpe Station - 1895


 
Kandy Temple






 
Ruwanwelisaya - Anuradhapura



 
Samadhi Statue- Anuradhapura







 
Sri Maha Bodhi- Anuradhapura



 
Sri Pada



 
Sri Pada


 
Temple at Slave Island



 
Old Srilankan Images

Tuesday, March 20, 2012

අනගාරික ධර්මපාලතුමා (Anagarika Dharmapala thuma.)


අනගාරික ධර්මපාලතුමා (උපත: 1864 සැප්තැම්බර් 17 විපත: 1933 අප්‍රේල් 29)
_____________________________________________________
අනගාරික ධර්මපාලතුමා බෞද්ධ ධර්ම ප්‍රචාරකයෙක් හා ශ්‍රී ලංකා නිදහස් සටනේ පුරෝගාමියෙක් වූ දොන් ඩේවිඩ් හේවාවිතාරණ වඩාත් ප්‍රකට වූ නාමයයි. ක්‍රිස්තියානි මිෂනාරි බලපෑම්වලට එරෙහි බෞද්ධ ප්‍රතිරෝධයක් නිර්මාණය කිරීමට කැපී පෙනෙන කාර්ය භාරයක් ඉටු කළේ ය. ඉන්දියාවේ බුදු දහම ශතවර්ෂ ගණනාවක පටන් බිඳ වැටි තිබු සමයක එය පුනර්ජීවනය කිරීමට ඔහු පුරෝගාමි විය. බුද්ධ ධර්මය ආසියා, උතුරු ඇමරිකා හා යුරෝපා මහද්වීප තුනේ ම දේශනා කිරීමට මුල්වු පළමු බෞද්ධයාද ඔහු වේ. ඔහුට අවුරුදු 30 පමණ වනවිට ඔහු බුදු දහම ලොව පුරා ගෙනයාමේ ප්‍රධාන චරිතයක් බවට පත්ව සිටියේය. එසේම ඔහු ලංකාව තුල ඉස්පිරිතාලද ඉන්දියාව තුල පාසල් හා විහාර ද ඉදිකිරිමට අවධානය යොමු කර සිටියේය. ජීවිතයේ අවසාන භාගයේ දී, සිරි දේවමිත්ත ධම්මපාල යන පැවිදි නාමයෙන් බෞද්ධ භික්‍ෂූ ශාසනයට ඇතුළු විය.

_____________________________________________________

අධ්‍යාපනය

පියා, එච්. දොන් කරෝලිස් හේවාවිතාරණ ය. ඔහු මාතර, හිත්තැටිය ගමේ සිට කොළඹට සංක්‍රමණය වූ මුදලි කෙනෙකි. මව, අන්දිරිස් පෙරේරා ධර්මගුණවර්ධන ගේ දියණිය වූ, මල්ලිකා හේවාවිතාරණ (විවාහයට පෙර මල්ලිකා ධර්මගුණවර්ධන) ය.ඔහු ගේ සහෝදරයෝ වූ, එඩ්මන් හේවාවිතාරණ, සයිමන් හේවාවිතාරණ හා සී. ඒ. හේවාවිතාරණ ද ශ්‍රී ලංකාවේ කැපී පෙණුනු චරිතයෝ වූහ.
1872 - 74 දක්වා බැප්ටිස්ට් සිංහල පාසලේත්, 1874 - 76 දක්වා ශාන්ත බෙනඩික් විද්‍යාලයේත්, 1876 - 78 දක්වා කෝට්ටේ ක්‍රිස්තියානි විද්‍යාලයේත්, 1878 - 83 දක්වා ශාන්ත තෝමස් විද්‍යාලයේත් අධ්‍යාපනය ලැබී ය.[1] මෙම පාසල් වලින් ලද අධ්‍යාපනය ක්‍රිස්තියානි මිෂනාරි එකක් විය.
පාසල් අධ්‍යාපනය නිම වීමෙන් පසුව, අධ්‍යාපන කාර්යාංශයේ ලිපිකරුවෙක් ලෙස රජයේ සේවයට බැඳුණේ ය..

_____________________________________________________

පරම විඥානාර්ථ සමාගම

වයස අවුරුදු 16 දී, ඩේවිඩ් හේවාවිතාරණට සර් හෙන්රි ස්ටීල් ඕල්කට් හා බ්ලැවට්ස්කි මැතිණිය හඳුනා ගැනීමට ඉඩ සැලසුණි. වයස අවුරුදු 19 දී විශේෂ සාමාජිකත්වයකින් පරම විඥානාර්ථ සමාගමට බඳවා ගන්නා ලදි. 1886 දී කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කට් හා සී. ඩබ්. ලීඩ්බීටර් (C.W. Leadbeater) බෞද්ධ අධ්‍යාපන අරමුදලට ආධාර එකතු කරනු පිණිස ලංකාවට පැමිණියහ. ඔවුනගේ භාෂා පරිවර්ථකයා ලෙස කටයුතු කිරීමට ඩේවිඩ් හේවාවිතාරණ රජයේ රැකියාවෙන් ඉවත් විය. ඕල්කට්තුමා සමග රට පුරා කළ සංචාරය ඔහු ගේ ඇස් අරවන්නක් විය. සිංහල ජාතියට හා බුදු දහමට සිදුව ඇති පරිහාණිය එහි දී ඔහු සියැසින් දුටුවේ ය.
සිදුව ඇති පරිහාණියට ප්‍රතිකර්ම යෙදීම උදෙසා, තමන් ස්වකීය දිවිය ම බුදු දහමේ උන්නතිය උදෙසා කැප කිරීමට අධිෂ්ඨාන කර ගත් බවත්, තමාට ගිහි ගෙයින් ඵලක් නැති බවත්, අනගාරිකව විසීමට අවසර දෙන ලෙසත් ඉල්ලමින් 1886 ජනවාරි 12 වන දින තම පියාට ලිපියක් යවන ලදි. හික්කඩුවේ සිරි සුමංගල හිමි ගේ කරුණු පහදා දීමකින් අනතුරුව, පියා, ඩේවිඩ් හේවාවිතාරණට අනගාරික වීමට අවසර ලබා දුන්නේ ය. දොන් ඩේවිඩ් යන විදේශික නාමය අත හැර දමා, ධර්මපාල හේවාවිතාරණ යන සිංහල නම භාවිතා කරන්නට පටන් ගත්තේ ය. ඔහු ගත කළ බ්‍රහ්මචාරී දිවිය නිසා අනගාරික යන පෙර ඈඳිය ඔහු ගේ නමට එක් විය.
වර්‍ෂ 1886 සිට 1890 දක්වා කාලය තුළ බෞද්ධ පරම විඥානාර්ථ සංගමයේ බෞද්ධ අංශයේ මහ ලේකම්, බෞද්ධ මුද්‍රණාලයේ හා සඳරැස පත්‍රයේ කළමණාකරු, බෞද්ධ පාසල් කළමණාකරු, බෞද්ධ ආරක්‍ෂක කමිටුවේ සහයක ලේකම් යනාදි තනතුරු ධර්මපාලතුමා විසින් දරණ ලදි.

_____________________________________________________

බෞද්ධ ධර්ම ප්‍රචාරය

ක්‍රිස්තියානි මිෂනාරි බලපෑමෙන් ජපන් බුදු දහම ආරක්‍ෂා කර ගැනීමේ අරමුණින් සෙන්‍ෂිරෝ නෞගචි ඕල්කට්තුමාට ජපානයට කළ ආරාධනාවක් අනුව ඔහු 1889 ජනවාරි 10 වන දින ධර්මපාලතුමා සමග ජපානය බලා පිටත්ව ගියේ ය. ලංකාවෙන් ජපානයට ගිය ප්‍රථම ධර්ම දූතයා වශයෙන් සැලකෙන්නේ ධර්මපාලතුමා ය.[2] එහි දී පැවැත් වූ ජපන් බෞද්ධ මහා සම්මේලනයේ දී බෞද්ධ කොඩිය ප්‍රථම වරට පෙරදිග රටක ප්‍රදර්ශනය කරන ලදි.[3]
1890 වසරේ දෙසැම් බර් 05 වන දින ධර්මපාලතුමා, ජපන් ජාතික ගුණරතන කොජේන් භික්‍ෂුව සමග බෝධිගයාව වන් දනය කිරීමට ඉන්දියාව බලා කොළඹින් පිටත් විය. බුද්ධගයා මහා විහාරයේ තැන්පත් කොට තිබූ බුද්ධ ප්‍රතිමාවට හින්දු වත් පිළිවෙත් අනුව පුද පූජාවන් පැවතෙමින් තිබිණි. බුද්ධගයා මහා විහාරයේ භාරකාරයාව සිටි හේමනාරායන ගිරි නම් මහන්තා සිතා සිටියේ බුදුන්වහන්සේ ශිව භක්තිකයෙකු බවයි. ධර්මපාලතුමා මෙය සැලකුවේ බුදුන්ට කරන අගෞරවයක් වශයෙනි. ගුණරතන කොජේන් භික්‍ෂුව බෝධිගයාවේ තාවකාලිකව නවතා, කෙටි බුරුම සංචාරයකින් අනතුරුව ධර්මපාලතුමා නැවත ලංකාවට පැමිණියේ ය. 1891 මැයි 31 වන දින, බුද්ධගයාව බෞද්ධයන් සතු කර ගැනීමේ පරමාර්ථය පෙර දැරි කොට ගෙන, බුද්ධගයා මහා බෝධි සංගමය ආරම්භ කරන ලදි. මේ හේතුවෙන්, සියලු ආගම් හා ජාතීන් සමානත්වයෙහිලා සැලකූ ඕල්කට්තුමා, හා ධර්මපාලතුමා අතර විරසකයක් ඇතිවිණි.
බෝධිගයා මහා නඩුව යන නමින් ප්‍රකට වූ දීර්ඝ නඩු විභාගය 1906 දී අවසන් වූයේ ධර්මපාලතුමා පරාජයට පත් කරමිනි. ඉන් අධෛර් ය නොවූ ඔහු බුද්ධගයාව බෞද්ධයන් සතු කර ගැනීමේ සටන අඛණ්ඩව ම ඉදිරියට ගෙන ගියේ ය. ඔහු ගේ අභාවයෙන් පසුව, බෞද්ධ හින්දු දෙ පාර්ශ්වයෙන් ම හතර දෙනා බැගින් නියෝජනය වන කමිටුවකින් බුද්ධගයාව පාලනය විය යුතු බවට නියම වෙමින් 1949 දී බුද්ධගයා පනත සම්මත විය.[4]
1921 දී ධර්මරාජික විහාරයත්, 1931 දී මූලගන්ධකුටි විහාරයත් ඉන්දියාවේ ඉදි කරවන ලදි. ධර්මපාල මැතිතුමාගේ උත්සාහය නිසා බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණ භූමි භාගය (කුසිනාරා නුවර) නැවතත් බෞද්ධයන්ගේ ආකර්ෂනයට ලක්විය.
ඉංගිරිසි මහා බෝධි සඟරාව කියවීමෙන් පසුව, චිකාගෝ දෘෂ්ටි සම්මේලනයේ සම්පාදක බරෝස්, ධර්මපාලතුමාට 1893 දී චිකාගෝ නුවර පැවති දෘෂ්ටි සම්මේලනයට ආරාධනා කළේ ය.
බුදු දහම ප්‍රචාරය කිරීමට, සිංහල හා හින්දු භික්‍ෂූන් කිහිප නමක් එංගලන්තයට යවන ලදි. ලන්ඩන් මහාබෝධි සංගමය, බ්‍රිතාන්‍ය බෞද්ධයා නම් ඉංගිරිසි සඟරාව ඇරඹී ය.
_____________________________________________________

නිදහස් අරගලය

ශ්‍රී ලංකාව නිදහස් රටක් කිරීමට කර්මාන්ත උන්නතියක් ඇති කළ යුතු බව ධර්මපාලතුමා විශ්වාස කළේ ය. වාර්ෂිකව, කර්මාන්ත ඉගෙන ගැනීමට ජපානයට ශිෂ්‍යත්ව ලබා දෙන ලදි. පේෂ කර්මාන්තය හැදෑරු යූ. බී. දොලපිහිල්ල, පිඟන් කර්මාන්තය හා චිත්‍ර ශිල්පය හැදෑරු ඩී. සී. හාන්ති අප්පුහාමි, සුවඳ විලවුන් කර්මාන්තය හැදෑරු ජෝන් එෆ්.කුරේ, කඩදාසි කර්මාන්තය හැදෑරු එන්. ජේ. සෝමරත්න, ගිනිකූරු කර්මාන්තය හැදෑරු බාලසූරිය, ගොවිකම හැදෑරු මුනසිංහ, එසේ කර්මාන්ත උගෙන පැමිණි කැපී පෙනෙන ශිෂ්‍යයෝ වෙති.
බ්‍රිතාන්‍ය පාලකයෝ 1914 දී, කල්කටාවේ දී, ධර්මපාලතුමාව නිවාස අඩස්සියට පත් කළහ. ඔහු ඉන් නිදහස ලැබුවේ 1921 දී ය.
_____________________________________________________

අවසන් සමය

හෙයියන්තුඩුවේ සිරි දේවමිත්ත හිමියන්, ධර්මපාලතුමාට තරුණ කල දුන් අවවාදයක් අනුව, 1931 ජූලි 13 වන දින, බෝරුග්ගමුවේ රේවත මහ තෙරුන් වහන්සේ ආචාර්යත්වයෙහි තබා ගෙන, සිරි දේවමිත්ත ධම්මපාල යන පැවිදි නමින්, පැවිදි දිවියට ඇතුළු විය. සිරි දේවමිත්ත යන්න තම පැවිදි නමට ඇතුළු කර ගනු ලැබුවේ, හෙයියන්තුඩුවේ හිමියන්ට කෘත ගුණ සැලකීමට ය. කෝදාගොඩ උපසේන නා හිමිට ගෞරවය පළ කිරීමට, උන්වහන්සේ ගේ පරණ සිවුරක් තම පරිහරණයට ගෙන්වා ගන්නා ලදි.
1933 දී ධම්මපාල හිමියෝ අපවත් වූහ. ශ්‍රී දේහය ලංකාවට ගෙන ඒමට කටයුතු යොදා තිබුණ ද මළසිරුර නරක් වීම නිසා ආදාහන කටයුතු ඉන් දියාවේ දී ම සිදු කෙරුණි. භෂ්මාවශේෂවලින් කොටසක් බරණැස ඉසිපතනාරාමයේ තැන්පත් කරන ලදි. ඉතිරි කොටස ලංකාවට වැඩම කරවන ලදි.

Monday, March 5, 2012

අසිරිමත් බුදු ගුණයක් (Asirimath Budu Gunayak)

අසිරිමත් බුදු ගුණයක්

පූජ්‍ය ගලගොඩඅත්තේ සුගතධීර හිමි
බුදු රජාණන් වහන්සේගේ ලෝකවිදු ගුණය ගැන ඉතාමත් අසිරිමත් දේශනාවක් අංගුත්තර නිකායේ ලෝක ධාතු විඤ්ඤාපන සූත්‍රයෙහි දැක්වෙනවා. මෙයින් බුදු රජාණන් වහන්සේගේ ලෝකවිදු ගුණය කොයිතරම් පුළුල් පරාසයක පැතිරිලා පවතී ද යන්න සිතා බලන්නට පුළුවන්.
දවසක් බුදු රජාණන් වහන්සේ ළඟට ආනන්ද හාමුදුරුවෝ ඇවිත් අහනවා, “ස්වාමීනි, මට මතකයි ඔබ වහන්සේ මට කියලා තියෙනවා ‘සිඛී’ කියලා බුදුන්ට හිටපු ‘අභිඥ’ කියන අග්‍ර ශ්‍රාවකයන් වහන්සේට දසදහසක් ලෝක ධාතුව පුරා සිටින සත්ත්වයන් සමඟ ඍද්ධියෙන් කථා කරන්න පුළුවන් කියලා. ස්වාමීනි, මට ආසයි දැනගන්න ශ්‍රාවකයෙකුට එසේ නම්, බුදු කෙනෙකුට කොයිතරම් හැකියාවක් තියෙනවද කියලා...”
තථාගතයන් වහන්සේ එවිට, “ආනන්ද, ඔය ප්‍රශ්නය අහන්න එපා. තථාගතයන් වහන්සේගේ හැකියාවන් අනන්තයි,” යැයි පිළිතුරු දුන්නා. ආනන්ද හාමුදුරුවො තුන් වතාවක් අහද්දී තමයි බුදු රජාණන් වහන්සේ මේ අසිරිමත් දේශනය කළේ.
“ආනන්ද, මේ හිරු සඳු දෙදෙනාගේ ආලෝකය කොතරම් පරාසයක විහිදෙනවාද, ඒ පරාසය තුළ සත්ත්වයන් උපදින තැන් තිස්එකක් තියෙනවා. මනුෂ්‍ය ලෝක එකයි, දිව්‍ය ලෝක හය යි, සතර අපාය, රූපාවචර බ්‍රහ්ම ලෝක දාසය යි, අරූපාවචර බ්‍රහ්ම ලෝක හතරයි. මේ පරාසයට කියනවා ‘චූලනිකා’ ලෝක ධාතුව කියලා. ආනන්ද, ඊ ළඟට ඔබ ඔය චූලනිකා ලෝක ධාතුව දාහෙන් ගුණ කරන්න. ඒ එන පරාසයට කියනවා ආනන්ද ‘සහශි‍්‍ර ලෝක ධාතුව‘ කියලා. ඊළඟට ආනන්ද, ඔය සහශ්‍රී ලෝක ධාතුව දසදහසෙන් ගුණ කරන්න. ඒ ප්‍රමාණයට කියනවා ‘ද්විසහශ්‍රී ලෝක ධාතුව‘ කියලා. ඔය ද්විසහශ්‍රී ලෝක ධාතුවත් තවත් දසදහසකින් ගුණ කරන්න. එවිට එන පරාසයට කියනවා ‘ත්‍රිසහශ්‍රී ලෝක ධාතුව‘ කියලා. ආනන්ද, බුදුවරුන්ට පුළුවන්කම තියෙනවා ඔය ලෝකධාතුª හතර තුළ ම ඉන්න සත්ත්වයන් සමඟ කැමැති කැමති ආකාරයට ඍද්ධියෙන් සම්බන්ධ වෙලා කථා කරන්නට. ආනන්ද, තථාගතයන් වහන්සේගේ ඍද්ධිමය හැකියාව අන්න ඒ වගේ එකක්.”
ඒ දේශනාවට සවන් දී සිටි ආනන්ද ස්වාමීන් වහන්සේගේ ඇඟ කිලිපොළා ගියා. ඒ වගේ ම නිම් හිම් නැති සතුටක් දැනුණා.
“ස්වාමීනි, බුදු රජාණන් වහන්ස, මේ දේශනාව අහද්දී මගේ මුළු ඇඟම කිලිපොළා ගියා; හිරිගඩු පිපුණා; ඉතා ම නිම්හිම් නැති පී‍්‍රතියක් මට දැනුණා. අනේ! මම සරණ ගියේ මොන තරම් ගුණයකින් යුතු උත්තරීතර අසිරිමත් කෙනෙක් ද? කියලා මට පුදුම සතුටක් ඇති වුණා,” යනුවෙන් ආනන්ද හිමියන්ට කියවුණා. ඔබත් මමත් සරණ ගියේ කොතරම් අපරිමිත ගුණ සමුදායකින් යුතු බුදු කෙනෙකුන් දැ යි මෙයින් පෙනෙනවා. සාමාන්‍ය කෙනෙකුට මෙය සිතාගැනීමට නොහැකි යි.
‘මයි සද්ධා මත්තං, පේම මත්තං
සබ්බේ තේ සබ්බ පරායමෝ...”
යම් කෙනකුන්ට බුදු රජාණන් වහන්සේගේ ගුණ මහිමය කෙරෙහි ශ්‍රද්ධා මාත්‍රයක්, ප්‍රේම මාත්‍රයක් හෝ ඇති වෙලා තිබුණා නම්, ඔහු අනිවාර්යයෙන් ම සුගති උපතක් කරා යනවා. ඉතින් එවන් වූ බුදු ගුණ සිහි කරමින් අපත් භාවනා වඩා සිත පහදවාගත යුතු නො වේ ද?
http://www.namaskara.lk/?sid=article&dt=2011%2F11&id=2011%2F11%2Fnpg48_0

මිනිසත් බව

කිච්ඡෝ මනුස්ස පඨිලාභෝ
කිච්ඡං මච්ඡාන ජීවිතං
කිච්ඡං සද්ධම්ම සවණං
කිච්ඡෝ බුද්ධාණං උප්පාදෝ...


සිංහල අර්ථය,


මිනිසත් බව ලැබීම ඉතාමත් අපහසුය.. 
දිවි පැවැත්මදඅපහසුය.. 
සද්ධර්මය ඇසීම ඉතාමත් දුලබ ය.. 
සම්බුදු රජාණන් වහන්සේලාගේ පහල වීම අතිශයින්ම
දුර්ලභය..

Friday, March 2, 2012

Buddhist Teachings and Practice Paths


The Triple Gem

1. The Buddha — The self awakened one. The original nature of the Heart;
2. The Dhamma — The Teaching. The nature of reality;
3. The Sangha — a. The Awakened Community. b. Any harmonious assembly. c. All Beings.

The Four Noble Truths

1. The Noble Truth of Dukkha - stress, unsatisfactoriness, suffering;
2. The Noble Truth of the causal arising of Dukkha, which is grasping, clinging and wanting;
3. The Noble Truth of Nirvana, The ending of Dukkha. Awakening, Enlightenment. "Mind like fire unbound";
4. The Noble Truth of the Path leading to Nirvana or Awakening.

All Buddhist teachings flow from the Four Noble Truths. Particularly emphasized in the Theravada.

The Four Bodhisattva Vows

1. I vow to rescue the boundless living beings from suffering; (Link to 1st Truth)
2. I vow to put an end to the infinite afflictions of living beings; (Link to 2nd Truth)
3. I vow to learn the measureless Dharma-doors; (Link to 4th Truth)
4. I vow to realise the unsurpassed path of the Buddha. (Link to 3th Truth)

Foundation of the Mahayana Path, these vows say. 'Whatever the highest perfection of the human heart-mind may I realise it for the benefit of all that lives!'

The Eight Fold-Path

Right, Integral, Complete, Perfected.

1. Right View, Understanding;
2. Right Attitude, Thought or Emotion;
3. Right Speech;
4. Right Action;
5. Right livelihood;
6. Right Effort, Energy, and Vitality;
7. Right Mindfulness or Awareness;
8. Right Samadhi "concentration", one-pointedness. Integration of, or establishment in, various levels of consciousness.

Alternate meanings are given as the original Pali has shades of meaning not available in one English word.

The Five Precepts

I undertake to:

1. Abstain from killing living beings;
2. Abstain from taking that which not given;
3. Abstain from sexual misconduct;
4. Abstain from false speech;
5. Abstain from distilled substances that confuse the mind. (Alcohol and Drugs)

The underlying principle is non-exploitation of yourself or others. The precepts are the foundation of all Buddhist training. With a developed ethical base, much of the emotional conflict and stress that we experience is resolved, allowing commitment and more conscious choice. Free choice and intention is important. It is "I undertake" not 'Thou Shalt". Choice, not command.

The Five Precepts in positive terms

I undertake the training precept to:

1. Act with Loving-kindness;
2. Be open hearted and generous;
3. Practice stillness, simplicity and contentment;
4. Speak with truth, clarity and peace;
5. Live with mindfulness.

The Ten Paramita

Paramita means gone to the other shore, it is the highest development of each of these qualities.

1. Giving or Generosity;
2. Virtue, Ethics, Morality;
3. Renunciation, letting go, not grasping;
4. Panna or Prajna "Wisdom" insight into the nature of reality;
5. Energy, vigour, vitality, diligence;
6. Patience or forbearance;
7. Truthfulness;
8. Resolution, determination, intention;
9. Kindness, love, friendliness;
10. Equanimity.

The Four Sublime or Uplifted States


1. Metta — Friendliness, Loving-kindness;
2. Karuna — Compassion;
3. Mudita — Joy, Gladness. Appreciation of good qualities in people;
4. Upekkha — Equanimity, the peaceful unshaken mind.

Full development of these four states develops all of the Ten Paramita.

The Five Powers or Spiritual Faculties


1.Faith, Confidence;
2. Energy, Effort;
3. Mindfulness;
4. Samadhi;
5. Wisdom.

The Five Hindrances
1. Sense craving;
2. Ill-will;
3. Sloth and Torpor;
4, Restlessness and Worry;
5. Toxic doubt and the ruthless inner critic.

The Four bases or Frames of Reference of Mindfulness

1. Mindfulness of the Body — breath, postures, parts;
2. Mindfulness of Feelings, Sensations — pleasant, unpleasant and neutral;
3. Mindfulness of States of Consciousness;
4. Mindfulness of all Phenomena or Objects of Consciousness.

The Three Signs of Existence or Universal Properties

1. Anicca — Impermanent;
2. Dukkha — Unsatisfactory, stress inducing;
3. Anatta — Insubstantial or Not-self.

All compounded and conditioned things, all phenomena are impermanent. Because of this they give rise to Stress and Affliction and because of this they are Not-self What we call "self " is a process not a 'thing".


source: Buddhanet.Net Basic Buddhism Guide