Monday, October 7, 2013

ATTHAGA SILA (The Eight Precepts)

1) PÀNÀTIPÀTÀ - VERAMANI SIKKHAPADAM SAMADIYAMI
I undertake to abstain from harming or taking life.

2) ADINNÀDÀNÀ - VERAMANI SIKKHAPADAM SAMADIYAMI
I undertake to abstain from taking what is not given.

3) ABRAHMACARIYÀ - VERAMANI SIKKHAPADAM SAMADIYAMI
I undertake to abstain from any from sexual contact.

4) MUSÀVÀDÀ - VERAMANI SIKKHAPADAM SAMADIYAMI
I undertake to abstain from false speech.

5) SURA - MERAYA – MAJJA - PAMÀDATTHANA - VERAMANI SIKKHAPADAM SAMADIYAMI
I undertake to abstain from the use of intoxicants, i.e. drugs and alcohol.

6) VIKÀLA - BHOJANÀ - VERAMANI SIKKHAPADAM SAMADIYAMI
I undertake to abstain from eating after the mid-day meal.

7) NACCA - GITA - VÀDITA - VISUKADASSANÀ - MÀLAGANDHA - VILEPANA - DHÀRANA - MANDANA - VIBHUSANATTHÀNÀ - VERAMANI SIKKHAPADAM SAMADIYAMI
I undertake to abstain from dancing, singing, music and watching entertainments, and from using enticing beauty aids, i.e. perfume, etc.

8) UCCASAYANA – MAHASAYANA - VERAMANI SIKKHAPADAM SAMADIYAMI
I undertake to abstain from indulging in high and luxurious seats and beds.

The Five Training Precepts (Panca Sila)

1. refrain from intentionally harming or taking life
Panatipa – veramani sikkhapadam samadiyami

 
2. refrain from taking things which are not given to me
Adinnadana – veramani sikkhapadam samadiyami


3. refrain from sexual misconduct (i.e. no sexual contact during the retreat)
Kamesu – micchacara - veramani sikkhapadam samadiyami


4. refrain from false speech
Musavada – veramani sikkhapadam samadiyami


5. refrain from intoxicants that confuse the mind. (i.e. drugs & alcohol)
Surameraya – majjapamadatthana - veramani sikkhapadam samadiyami

Thursday, October 3, 2013

Piruwana Poth wahanse [Mahamewnawa Pali-Sinhala]

Piruwana Pothwahansa

Mahamevuna Sadham Prakashana,
Waduwa,
Polgahawela.

Vandana Gatha & Pirith Potha wahanse

Vandana Gatha & Prith Potha 

Content

1 Namaskaraya
2 Buddha pooja gatha
3 Rathnamali gatha
4 Solosmasthana wandana
5 Jaththa manawaka gatha
6 Jaya mangala gatha
7 Maha mangala sutta
8-9 Ratana sutta
10 Karaneeya metta sutta
11 Maha jayamangala gatha
12 Seth gatta
13-14 Jaya piritha
15 Atavisi piritha
16 Dasa disa piritha
17 Jala nandana piritha
18-19 Siivali piritha
20 Bojjanga piritha
21 .Gini piritha, Vesi piritha
22 Vattaka piritha
23 Angulimala piritha
24-25 Jina panjaraya
26 Anaum piritha
27 Meth wedima
28 Naraseeha gatha
29 Nava graha shanthiya
30 Bodhi pooja kawi
31 Deviyanta pin deema 

Thursday, August 22, 2013

Karma Vipaka e-Book

Karma Vipaka

Sil Matha Kaiw e-Book

Sil Matha Kaiw e Book

ගිරිමානන්ද සූත්‍රය (Girimananda Sutta)

ගිරිමානන්ද සූත්‍රය (Girimananda Sutta) pdf

Tharuwak Wemuda?

Budun wadala darmaya
Budun wadala darmaya

Quotes from the Buddha - VERY TRUE....

Beautiful Quotes from the teachings of the Buddha

If you are Right then there is No need to get angry
And if you are Wrong then you Don't have Any Right to get angry.

Patience with Family is Love,
Patience with Others is Respect,
Patience with Self is Confidence

and
Patience with one's Religion is Faith.

Never Think Hard about the PAST, It brings Tears...
Don't Think more about the FUTURE, It brings Fear...
Live this Moment with a Smile, It brings Cheer !

Every test in our life makes us bitter or better,
Every problem comes to Make us or Break us,
Choice is Ours whether we become Victims or Victorious !!!

Search a Beautiful Heart not a beautiful face.
Beautiful People are Not Always Good
but Good People are Always Beautiful.




Greed, Jealousy, Anger and Attachment are likened to a spider's web.

"As we see spider run, in a net he himself hath spun.
Wise men / women cut this net and go..
FREE FROM EVIL,
FREE FROM WOE"
 Siddhartha Gautama.

Thursday, August 8, 2013

Would u believe. True Story about Hell [අපායෙන් ගැලවී විත් මහණදම් පිරූ තරුණයෙක්]

අපායෙන් ගැලවී විත් මහණදම් පිරූ තරුණයෙක්

මිනිස් සිතේ ස්වභාවය සිතුවිලි ගොඩ නැඟීමයි. මිනිසා අවදිව සිටින සෑම මොහොතක් පාසාම අතීතය හෝ අනාගතය සම්බන්ධ කැරගෙන සිතේ සිතුවිලි ගොඩනඟයි.

අතීතයේ පංචේන්ද්රියයන් පින වූ අවස්ථාවන්ට සම්බන්ධ ආශාව, තණ්හාව මුසු ඇලීමේ සිතුවිලි තරහව, ද්වේෂය මුසු ගැටීමේ සිතුවිලි මොහොතක් පාසා සිතේ ගොඩනැඟේ.

එසේ ඇලීම හා ගැටීම මුසු සිතුවිලි අනාගතය සඳහා සිතේ ගොඩ නැඟේ. මිනිසා උපන්දා සිට මියෙන තෙක් සිදු කරන්නේ එසේ සිතුවිලි ගොඩනැඟීම .

මේ බොහෝ දෙනෙක් "මේ දැන්" කියන මොහොත ගැන නොසිතති. සිතුවිලි ගොඩ නැඟීම යනු කර්ම රැස්කිරීමයි. ඒවා කුසල කර්ම හෝ අකුසල කර්ම විය හැකිය. ඊට අනුවම විපාක යෙදේ. මේ එවැනි කර්ම විපාකයක් ගෙවන පුද්ගලයකු පිළිබඳ කතාවකි.

මීතිරිගල නිස්සරණ වන සේනාසනය අක්කර පන්සියයක් පමණ විශාල වූ වන ගහනයක් මැද පිහිටි පුණ් භූමියකි.

එකකට එකක් නොපෙනෙන තරම් දුරින් පිහිටි කුටිවලට වී භාවනා කරන යෝගීහු මේ සිත එක අරමුණකට ගෙන බැඳ තබා සමාධි සුවයක් විඳීන්නට උත්සාහ කරති.

සිතුවිලි ගොඩනැඟීම් වශයෙන් තව තවන් කෙලෙස් රැස්කිරීම නතර කරන්නට උත්සාහ කරති.

සේනාසනයේ කිරයාත්මක වන කාලසටහන සිහිපත් කරමින් "ගෙඩිය" ගසා හඬ නංවන වාර ගණන අනුව මේ අවදිවීමටය.

මේ වත සඳහාය. මේ භාවනාවය, මේ දානය සඳහා පිණ්ඩපාත යේ යෑමටය, මේ ගිලන්පස සඳහා දන්ශාලාව වෙත යෑමටය ආදී වශයෙන් යෝගීහු සංඥාවන් හඳුනාගෙන ඊට අනුව කිරයා කරති.

කතා කරමින් කාලය නාස්ති කිරීමද කෙලෙස් ගොඩ නැඟීමක් බැවින් නිශ්ශබ්දතාවයද භාවනාවේ දියුණුව සඳහා අවධාරණය කැර තිබේ.

එසේ වුවත් යෝගී භික්ෂූන් වහන්සේ ඉඳහිට ධර්ම කාරණා පිළිබඳ සතුටුසාමීචියේ යෙදෙන අවස්ථා ඇත. දිනක් එවැනි ස්වාමීන් වහන්සේ කීප නමක් කර්මය හා කර්ම විපාකය පිළිබඳ සාකච්ඡා කරමින් සිටියහ.

"කර්මයට අනුව විපාකය ලැබේ නම් ඊට යම රජකු හා යම පල්ලන් මැදිහත් වන්නේ කුමටදැයි මට ගැටලුවකැ"යි එක් ස්වාමීන්වහන්සේ නමක් පවසති.

"කර්ම විපාක ගෙවන්නට තිබේ නම් යම් කෙනකුට වේදනාව ලබා දෙන්නට තව කෙනෙක් පහර දෙති. තුවාල කරති. කෙනෙක් පිහියෙන් ඇන මරා දමති. මැසි මදුරුවන් පනුවන් නිසා ලෙඩ රෝග වැළඳෙති.

එහිදී පුද්ගලයකුට තවත් පුද්ගලයකුගේ කිරයාකාරකම් වලට ලක්වීමට සිදුවෙයි. එසේම පෙර්තයන්, යක්ෂයන් නිසා මහ රහතන් වහන්සේට පවා පීඩා සිදුවූ බව තිරපිටකයේ සඳහන් වෙයි.

නිසා යම රජෙක් හා යම පල්ලන්ගේ් සම්බන්ධය තිබිය හැකියැ"යි තවත් ස්වාමීන්වහන්සේ නමක් පැවැසූහ.

"කර්මයට අනුව කර්ම විපාක ගෙවීමට සිදුවීම අවබෝධ කරවන්නට යම රජකු හා යම පල්ලන් ඉදිරිපත් කිරීමෙන් මිනිසා අකුසලයෙන් මුදවා ලිය හැකි බැවින් මේවා නිර්මාණ විය නොහැකිදැ"යි තවත් හිමි නමක් අදහස් දක්වති.

යම රජු හා යම පල්ලන් පිළිබඳ කියන කතා අසා සිටිමින් පිළිබඳ ගැඹුරින් සිතූ තවත් භික්ෂූන් වහන්සේ නමක් අඬන්නට වූහ.

භාවනාවෙන් යම් තරමකට දියුණු කළා වූ සිතක් ඇති උන්වහන්සේට ස්වකීය අතීතය සිතුවම් පොටක් සේ දිස්වන්නට වීය. උන්වහන්සේ පිළිබඳ විස්තර කළේ මෙසේය.

"මං මේ ආත්මයට පෙර ආත්මයෙන් එහා ආත්මයේ ටිකක් බලපුළුවන්කාරයෙක් ලෙස තමයි ඉපදිලා හිටියේ. පන්සිල් පද පහම ආරක්ෂා කළේ නෑ. තුන්වැනි සිල්පදය බහුල වශයෙන් කැඩුවා.

සත්ත්ව හිංසාවෙත් යෙදුණා. අනුන් සතු සම්පත් බල පුළුවන්කාරකමෙන් අයිති කැරගත්තා. මේ වගේ වැරදි වැඩවලින්ම ජීවත් වුණා මිසක කුසලයක යෙදුණේ නෑ.

මෙහෙම ජීවත් වෙන අතරේ දවසක් ගමනක් යන කොට විශාල දුර්ගන්ධයක් මට දැනුණා. ඒක කොයි තරම් අපරසන්න ගඳක් කියනවා නම් ගඳ මොකක්ද කියා බලන්න තරම් හිතුණා.

මම නාසය වසා ගෙන ගැන හොයා බැලුවා. විශාල ඌරුමීයෙක් මැරිලා කුණුවෙලා. මී කුණෙන් චිරි චිරි ගා පණුවන් මතුවෙනවා යට යනවා. කොයි තරම් නාසය වසාගෙන සිටියත් ගඳ දැනෙනවා.

දැන් ඇස් දෙකෙනුත් දැක්කා. හරි අපරිය යි. වෙලාවේ මට කවදාවත් නැති අමුතු නුවණක් පහළ වුණා. (අසුබ භාවනාව) කොයිතරම් සාත්තු කළත් මගේ ශරීරයත් මේ වගේ නේද? කවදා හරි මේ වගේ මළොත් කුණුවෙලා ගඳ හමනවා නේද? පණුවන් ගසනවා නේද? මේ ශරීරය දුර්වල වීම, වයසට යෑම, ජරාවට පත්වීම මට වළක්වන්න බැහැ නේද? එහෙම නම් මේ ශරීරය මගේ යැයි කියන්නේ කොහොමද? මේක හරිම දුකක්.

මම මහණ වෙන්න ඕනෑය කියා අධිෂ්ඨාන කැර ගත්තා. වුණාට ආත්මයේ මම මහණ වුණේ නෑ. එහෙම ඉඳලා කාලෙකට පස්සෙ මැරුණා.

මැරුණාය කියන්නේ , මට කතා කරගන්න බැරි වුණා. පංචේන්ද්රියයන් අකීරය වුණා. ලොකු මහත බටයක් වගේ එකක් ඇතුළෙන් මාව දිගට ඇදිලා ගියා. බටයෙන් එළියට ආපු තැන දෙන්නෙක් හිටියා. දෙන්නා මාව දෙපැත්තෙන් අල්ලාගෙන ඉදිරියට එක්කගෙන ගියා.

එතැන අඩි පහළොවක් විතර උස ආසනයක යම රජ්ජුරුවෝ වාඩිවෙලා හිටියා. දකින කොටම මේ යම රජ්ජුරුවෝය කියා මට වැටහුණා. ඔහු යටිකයට සුදු වේට්ටියක් ඇඳගෙනයි හිටියේ.

".. මනුස්ස ලෝකයේ ඉන්න කොට හුඟක් පව් කරලා තියෙනවා නේද?" කියා යම රජ්ජුරුවෝ මගෙන් ඇහුවා. එක්ක මම කළ පව් චිතරපටයකින් වගේ මට මැවි මැවී පෙනෙන්නට ගත්තා.

ඒවා දකින කොට මා වැරැදි කාරයා වෙලා ඉවරයි නේද කියා හිතින් අන්තිමට අසරණ වුණා. අසරණවීම හෘදය සාක්ෂියත් එක්ක සිදුවන ගැඹුරු අනුස්මරණයක්.

පශ්චාත්තාපයක් වගේ දෙයක්. එතැනට ටිකක් එහායෙන් ලොකු තාප්පයක් තිබුණ. තාප්පයට එහා පැත්තේ විශාල ගින්නක් බුර බුරා ඉහළ නැඟෙනවා. වගේ පැත්තේ විශාල පිරිසක් දැවි දැවී විලාප දෙනවා ඇහෙනවා.

තාප්පයට ඉහළින් නැඟෙන යෝධ ගිනි දලු සුළඟට මේ පැත්තටත් එනවා. අප සිටි තැනටත් එනවා. ඒත් මේ පැත්තට ආවාම ගිනි දලුවල උණුසුමක් නෑ. උණුසුම තියෙන්නේ තාප්පෙන් එහා පැත්තට විතරයි.

තාප්පෙන් එහා පැත්තේ තියෙන්නේ නිරය. නිරයේ වැටුණු අය තමයි අර විලාප නඟමින් දුක් විඳිනවා ඇහෙන්නේ කියලා මට වැටහෙනවා. යම රජ්ජුරුවෝ හරිම කරුණාවන්තයි.

කරුණාවෙන් මා දිහා බලා සිටිනවා. මම කළ පව් මැවි මැවී පෙනෙන අතරේ අර මී කුණ දැකපු සිද්ධියත්, මහණ වෙන්න කළ අධිෂ්ඨානයත් මට මතක් වුණා. මෙතනින් නිදහස් වුණොත් නම් මහණ වෙනවා මහණ වෙනවාමයි කියා වෙලාවේ මට හිතුණා. (යම රජු රතු සළුවක් හැඳ සිටියොත් අනිවාර්යයෙන් නිරයට යන්න සිද්ධ වෙනවාලු.)

එතකොට යම රජ්ජුරුවන්ගේ මුහුණේ මඳ සිනහවකුත් නැඟුණා. "කුසලකුත් කළා නේද?" කියලා යම රජ්ජුරුවෝ එක පාරටම වෙලාවේ මගෙන් ඇහුවා.

"තමුන්ට තවම කල් තියෙනවා" කියා නැවත යම රජ්ජුරුවෝ රකාශ කළා. එතකොට මා නැවතත් අර නළය දිගේ ආපහු ආවා. නළය දිගේ එනකොට තව දෙදෙනෙක් මුණ ගැහුණා.

".. එහෙම කොහොමද? එහෙම නම් අපිත් ඉන්නවානෙ"යි දෙන්නා කියනවා ඇහුණා. මම නිදහස් වී එන හැටි දැක ඔවුන් එසේ කීවේ එතැනත් ඊර්ෂ්යාව හා තණ්හාව තියෙන තැනක් බව මට වැටහුණා.

මම නළය දිගේ ඇවිත් කෑගල්ලේ අම්මා කෙනකුගේ කුසක පිළිසිඳ ගත්තා. ඉපදුණාට පස්සේ මම හරියට දුක් වින්දා. අනුන්ගෙන් ඉල්ලාගෙන කන තත්ත්වයට පත්වුණා.

වැඩි දුර ඉගෙන ගන්නත් බැරි වුණා. ජීවත් වෙන්න බැරි තැන බේකරියක වැඩට ගියා. දර පළන්න ඕනෑ. දහදිය පෙරා ගෙන දර පළනවා. ඊළඟට පෝරණුවට දර දමා ගිනි අවුළුවන්න ඕනෑ.

එතැන ඉඳල ගිනි රස්නෙත් එක්කමයි දවස ගෙවෙන්නෙත්. රෑට නිදියන්නෙත් පෝරණුව ළඟ ගිනි රස්නෙත් එක්කමයි. සමහර දාට හීනෙන් අර තාප්පයට එහා ගිනිදැල් පෙනෙනවා.

නිරයේ ගිනිදැල්වලින් බේරුණත් මෙතනදි යම් තරමකින් හෝ දඬුවම විඳින්න සිද්ධ වුණා.

මේ බේකරියෙ පාන් අරගෙන බයිසිකලෙන් කඩවලට බෙදා හරින්න වුණෙත් මට. මේ පාන් ගෙනියන එක කඩේක මුදලාලි කාන්තාවක්. ලස්සනයි. මෙයා සමහරදාට පාන්වල සල්ලි දෙන්න දවසක් දෙකක් පරක්කු කරනවා.

මේ ගෑනිගෙ සිරියාවන්ත පෙනුම නිසා මමත් දවස දෙක පහුවෙලා සල්ලි ගන්නවා. මෙහෙම ඉඳලා මෙයා හිටි හැටියේ දවස් ගණනක් මුදල් අත් හිටෙව්වා. පාන් ගෙනියන රමාණයට අනුව මුදල් බාර නොදෙන කොට මුදලාලි මට බණිනවා.

අන්තිමට මේ ගෑනි සල්ලි නොදෙන කොට කඩේට පාන් දමන්න එපා කියා මුදලාලි මට කිව්වා. "උඹ කොහොම හරි සල්ලි ඉල්ලගෙන එන්න ඕනෑ. නැත්නම් උඹේ පඩියෙන් කපනවා" කීවා.

දැන් අර ගෑනි වෙන පාන් කාරයකුගෙන් පාන් ගන්නවා. මම ගියා මඟහරිනවා. මම යනවාටත් කැමැති නැහැ. දැන් අර සිරියාවත් නැහැ. මුදලාලි මගේ පඩියෙන් කැපුවොත් මම මගේ දුප්පත් අම්මව ජීවත් කරන්නේ කොහොමද කියලත් බය හිතුණා.

එදා රෑ බේකරියෙ තිබුණු උල් පිහියක් හොයාගෙන ළඟින් තියා ගත්තා. රෑ නිදියන කොට කොට්ටය යටින් තියා ගත්තා. හෙට උදේ පාන් අරගෙන ගිහින් සල්ලි ඉල්ලනවා.

නුදුන්නොත් අර ගෑනිට මේ පිහියෙන් ඇනලා මරණවා කියලා හිතාගත්තා. පාන්දර පිහිය අතට අරගෙන පිහිය මිට තදින් අල්ලාගෙන අරකිගෙ පපුවට මේකෙන් දෙකක් අනිනවා" කියලා හිතට වෙර ගත්තා.

අන්න එතකොටම මට ආයෙත් අර අපායෙ ගිනිදැල් පෙනෙන්න පටන් ගත්තා. මේ වතාවෙ නම් මම මහණ වෙනවාමයි කියපු එකත් සිහිපත් වුණා. නිදි පැදුරෙ ඉඳල කල්පනා කළා.

තවම මුදලාලිලා නිදි. මම බනිස් ගෙඩියක් කාලා උණුවතුර ටිකක් බිව්වා. තව බනිස් ගෙඩි දෙක තුනක් කඩදාසියක ඔතා ගත්තා. හෙමින් සැරේ පාරට බැස්සා. හැතැප්ම පහක් පයින් ගෙදරට ආවා.

වෙනකොට මම අවුරුදු දහඅටක ඉලන්දාරියෙක්. එදා ගෙදර ඇවිත් පැය දෙක තුනක් නිදා ගත්තා. නැගිටලා නා ගත්තා. ගෙදර තිබුණු සුදු සරොන් දෙකකුයි කමිස දෙකකුයි අරගෙන කෙළින් ආරණ් සේනාසනයකට ගියා. එතැනින් මේ මීතිරිගල සේනාසනයට ආවා. අම්මගෙනුත් අවසර අරගෙන මහණ වුණා.

"ඔබ වහන්සෙ මොනවා කිව්වත් යම රජ්ජුරුවොයි යම පල්ලොයි ඉන්න බව මම නම් හොඳටෝ විශ්වාසයි. දැඩි අධිෂ්ඨානයෙන් හා වීර්යයෙන් කටයුතු කළොත් ආනන්තරිය නොවන පාප කර්මවල විපාක අඩුකර ගන්න පුළුවන්.

කුසල ශක්තිය බලවත් වන විට අකුසල විපාක දුර්වල වෙනවා" යි හාමුදුරුවෝ පැවසූහ.

හාමුදුරුවන්ගේ කතාව අප සමඟ පැවසුවේ බෙල්ලන්තර සිරි සදහම් ආශරමවාසී ලේනව මංගල හිමියෝ . උන්වහන්සේට අපේ ස්තුතිය පිරිනමමු.

මතුගම මහින්ද විජේතිලක