devdath trying to kill Loard Buddha. |
මනුෂ්‍යයාගේ
හිත විනාශ කරන එකක් තමයි ”අසත්පුරුෂ බව”කියල කියන්නෙ. භාග්‍යවතුන් වහන්සේ
අපට අසත්පුරුෂ බව ගැන කියා දෙනවා. අසත්පුරුෂ බව ගැන ඉගෙන ගත්තහම තමයි අපිට
තේරෙන්නේ, අසත්පුරුෂ බව කියන එක කොතරම් බිහිසුණු එකක් ද කියල. ඒ අසත්පුරුෂ
බවේ තියෙන බිහිසුණු බව ගැන යම් පමණකින් හෝ වැටහීමක් කෙනෙකුට තිබ්බොත්, ඒ
අසත්පුරුෂ බවට එයා කැමති වෙන්නේ නෑ. එතරම් ම ඒ අසත්පුරුෂ බව කියන එක භයානක
එකක්. කිසිසේත් කැමති නොවිය යුතු එකක්.
දේවදත්ත
භාග්‍යවතුන් වහන්සේව නසන්ට විවිධ දේවල් කළා. බැරිම තැන දේවදත්ත පෞද්ගලිකව
තමන් ම ඉදිරිපත් වුනා, ”මම ම භාග්‍යවතුන් වහන්සේව නසන්ට ඕනැ” කියල. දිනක්
භාග්‍යවතුන් වහන්සේගේ හිස මතට දේවදත්ත විශාල ගලක් පෙරලූවා. ඒ වෙලාවේ ඒ ගල
භාග්‍යවතුන් වහනසේගේ සිරසට වැටෙන්ට නොදී මහපොළවෙන් ම ගලක් මතුවෙලා ඒ ගල
නැවැත්තුවා. මේ සිද්ධිය වුනාට පස්සේ ස්වාමීන් වහන්සේලා ගොඩාක් කැළඹුනා.
කැළඹිලා, දේවදත්ත කරන මේ අසත්පුරුෂ ක‍්‍රියා ගැන නිතර කතාවුනා. ඒ විදිහට
කතාවෙන හැම වෙලාවකදී ම භාග්‍යවතුන් වහන්සේ ඒ සම්බන්ධයෙන් ධර්ම කාරණා කියා
දුන්නා.
දේවදත්ත
භාග්‍යවතුන් වහන්සේට ගල් පෙරලූවට පස්සෙ ස්වාමීන් වහන්සේලා කතාවුනා, ”මේ
දේවදත්ත මෙබඳු මහා භයානක අනතුරක් කරන්ට හැදුව නේද? භාග්‍යවතුන් වහන්සේට ගල්
පෙරලූව නේද”කියල. ඉතින් එහෙම ඉන්න කොට භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය
දැනගන්ට ලැබුන. භාග්‍යවතුන් වහන්සේ කියා සිටිය, ”දේවදත්ත මට ගල් පෙරලූවෙ මේ
ජීවිතයෙදි විතරක් නෙවේ, මීට ඉස්සර අතීත ජීවිතයකදිත් මගේ සිරසට ගල් පෙරලූව,
ඒ වගේ මට හානි කරපු, හතුරුකම් කරපු කෙනෙක් තමයි ඔය දේවදත්ත” කියල කියා
සිටිය. ”මම උපකාර කරද්දීත්, ඒ උපකාරයන් නොතකා මට මේ ජීවිතයේ විතරක් නෙවේ,
මීට කලින් ජීවිතයකදීත් මගේ හිසට ගල් පෙරළලා තියෙනවා” කියල භාග්‍යවතුන්
වහන්සේ කියා සිටිය. ඊට පස්සෙ භාග්‍යවතුන් වහන්සේ අතීත ජීවිතයක දී දේවදත්ත
ගේ අසත්පුරුෂ ක‍්‍රියාවක් ගැන සිහි කළා.
එක්තරා
කාලකෙදි දේවදත්ත බ‍්‍රාහ්මණ පවුලක ඉපදිලා ගොවිතැන් කරල ජීවත් වුනා. දවසක්
මෙයා කුඹුරු හාලා තමන්ගේ හරක් ලිහලා තණකොළ කන්ට නිදැල්ලෙ අතහැරිය. ඒ අතර
මෙයා වෙන වැඩක් කරමින් හිටියා. ඒ අවසරෙන් හරක් හිමින් හිමින් ගිහිල්ල කැලෑ
වැදුනා. පස්සෙ මේ බ‍්‍රාහ්මණය වට පිට බලපුවා ම හරක් හිටියෙ නැති නිසා
අඩිපාර දිගේ හොයාගෙන ගියා. මේ විදිහට හොයාගෙන යද්දි, කැලේ මැදට යන්ට සිද්ධ
වුනා. අන්තිමේදී මෙයාට හරක් හොයා ගන්ට බැරි වුනා, කැලේ අතරමං වුනා. කැලේ
ඇවිදල ඇවිදල හොඳටම මහන්සියි. කන්න බොන්න දේකුත් නෑ. ගහක තිබුන ගෙඩි වගයක්
කඩාගෙන කන්න හිතාගෙන මෙයා ගහකට නැග්ගා. කව්ද ඒ? අතීත ජීවිතයක දේවදත්ත. මෙයා
මේ ගෙඩි කමින් දන්නෙ ම නැතුව ගහේ අතු අගට ම ආව. අතු අග ඉන්නකොට ගහෙන් පහතට
මෙයාව ඇඳගෙන වැටුනා. වැටිල ඒ ගහ පාමුල තිබිච්ච ලොකු වලක් ඇතුලට මෙයාව
වැටුනා. ඒ වළේ වතුර තිබුණ නිසා මෙයාට හානි වුනේ නෑ. නමුත් මෙයාට ගොඩ එන්ට
බැරි වුනා, ශරීරය දුරවල යි. මේ විදිහට මේ වළ අස්සෙ දවස් හතක් ම ඉන්ට සිද්ධ
වුනා. මුකුත් කර කියාගන්ට බෑ. ගොඩ එන්න විදිහක් නෑ. කන බොන කිසි දෙයක් නෑ,
ඉතා ම දුර්වල වුනා. කෙඳිරි ගගා මේ වල අස්සෙ දවස් හතක් හිටියා.
මේ
කාලෙදි අපේ මහ බෝසතාණන් වහන්සේ, වානරයෙක් විදිහට ඉපදිලා ඒ වනන්තරේ වාසය
කළා. උන්වහන්සේ පළතුරු ආදිය කමින් ඒ වනාන්තරේ ඉන්න අතර, අර බ‍්‍රාහ්මණය
පළතුරු කාපු ගහටත් ආවා. උන්වහන්සේ ගහේ පළතුරු කමින් ඉන්න කොට වළ අස්සෙන්
කෙඳිරි ගාන හඬක් ඇහුන. ඊට පස්සෙ බැලූව කව්ද කියල. බලනකොට දැක්ක වල ඇතුලෙ
මනුෂ්‍යයෙක් වැටිල ඉන්නවා. ඊට පස්සෙ උන්වහන්සේ කල්පනා කළා, ”මේ මනුෂ්‍යයට
උදව් කරන්ට ඕනෑ, මෙතන හිටියොත් මෙයා විනාශ වෙලා යනව. මෙයාට පිළිසරණක් නෑ.”
කියල.
දැන්
මෙයාව ගොඩ ගන්ට ක‍්‍රමයක් නෑ. ඊට පස්සෙ උන්වහන්සේ, මනුෂ්‍යයෙකුගෙ බරට ගලක්
අරගෙන, ඒ ගල ඇඟේ බැඳගෙන, වළ උඩ ඉඳන් එහෙට මෙහෙට පැනල, බරක් උස්සගෙන
පනින්ට පුරුදු වුනා. බලන්න කොච්චර නුවණ පාවිච්චි කරනව ද කියල. දැන් මේසා
දෙයක් කරන්නෙ ඇයි මේ? කෙනෙකුගේ දුක දැකල, ඒ දුකෙන් මුදව ගන්න, කරුණාව නිසා.
මේ සත්ව යෝනියක ඉපදිච්ච කෙනෙක්. එතකොට බලන්න මේ බෝධිසත්වයන්ගේ ස්වභාවය
කොයි වගේ ද කියල.
හොඳට
පුරුදු වුනාට පස්සේ වළ අස්සට මේ වානරය පැන්න. පැනල අර මනුෂ්‍යයට කිව්ව,
”මගේ කරේ නැඟල හොඳට අල්ල ගන්න” කියල. හොඳට අල්ල ගත්තට පස්සෙ තමනුත් අතකින්
අල්ලගත්ත. අල්ලගෙන වල උඩට පැන්න. වල උඩට පැනල ඒ මනුෂ්‍යයාව බේරගත්ත. මෙහෙම
කළායින් පස්සේ මේ වානරයට හොඳට ම මහන්සියි. ඊට පස්සෙ කිව්ව, ”මට හරී
අමාරුයි, වෙහෙසයි. ඒ නිසා වෙහෙස නිවාගන්ට මම ටිකක් හාන්සි වෙනව. මේ
වනාන්තරේ සිංහයෝ, වළස්සු, ව්‍යාඝ‍්‍රයො වගේ දරුණු සත්තු ඉන්නව. ඒ නිසා
පොඞ්ඩක් බලන් ඉන්න. මම පොඞ්ඩක් හාන්සි වෙන්නම්” කිව්ව. දැන් මේ වානරය
ගොඩාක් අමාරු දෙයක් කළේ නේද? මේ මනුෂ්‍යයා වළ ඇතුලෙ හිටියෙ. වළ ඇතුලෙ හිටිය
මනුෂ්‍යයා කරේ තියාගෙන වළ උඩට පැන්න. මනුෂ්‍යයෙක්වත් කරයි ද?
මනුෂ්‍යයෙකුටවත් කරන්ට බැරි දෙයක් මේ කළේ. ඊට පස්සෙ වෙහෙස නිවාගන්ට
බෝධිසත්වයන් වහන්සේ එතන හාන්සි වුනා.
ඊට
පස්සෙ මේ මනුෂ්‍යයා කල්පනා කළා, ”මම දැන් දවස් ගානක ඉදන් බඩගින්නෙ ඉන්නෙ.
මගේ ශරීර ශක්තිය හොඳටම දුර්වල යි. මට මේ ගස්වල ගෙඩි ආදිය දේ කාල මේ ශක්තිය
නැවත ගොඩගන්ට අමාරු යි. මේ වානරය වලස්සුන්ට, සිංහයින්ට, ව්‍යාඝ‍්‍රයින්ට,
ගොදුරු වෙන්ට ඉන්න සතෙක්. මම මූව මරාගෙන කන්ට ඕනැ. මූව මරාගෙන මස්ටික
කෑවොත්, මට මේ ශරීරය ඉක්මණින් බලවත් කරගන්ට පුළුවන්. එහෙම වුනොත් මට මේ
වනාන්තරෙන් එළියට යන්ට පුළුවන්” කියල කල්පනා කළා. කල්පනා කරල ළඟ තිබ්බ ගල්
පතුරක් අරගෙන ඒ වානරයගෙ හිසට ගැහුවා.
බලන්න
මේ අසත්පුරුෂකම කියන එක කොච්චර භයානක එකක් ද කියලා. මේ වළ අස්සෙ මැරී
නොමැරී හිටපු මනුෂ්‍යයා. මරණයට නියමවෙලා හිටපු මනුෂ්‍යයා. දවස් හතක්
කුසගින්නෙ ආහාරයක් නැතිව වළ අස්සෙ හිටපු මනුෂ්‍යයා. කිසිම මනුෂ්‍ය පුලූටක්
නැති වනාන්තරේ, මේ වානරය තමයි ඉතා ම අමාරුවෙන් මෙයාව බේරගත්තෙ. ඒ වෙහෙස
නිවා ගැනීම පිණිසයි නිදාගෙන හිටියෙ. එතකොට ඒ මහා උපකාරයක් ලැබිල වැඩි
වෙලාවක් ගියෙ නෑ. උපකාරය ලැබුණ විතරයි. එයා කල්පනා කළේ කොහොම ද? එතරම්
විශාල උපකාරයක් ලැබිල, ඒ උපකාරය ගැන සිතිවිළි මාත‍්‍රයක් එයාට අවෙ නෑ නේ ද?
එයාට හිතන්න බැරි වුනා තමන්ගෙ ජීවිතය මේ තරම් පරිශ‍්‍රමයක් දරල බේරගත්ත
කෙනා ගැන, ඒ කළ මහා උපකාරය ගැන සිතුවිළි මාත‍්‍රයක් ඇතිකර ගත්තෙ නෑ. මොකක් ද
ඇතිකර ගත්තෙ ”මම කොහොම ද දියුණු වෙන්නෙ? මම කොහොම ද බලවත් වෙන්නෙ? මම
කොහොම ද දිනන්නෙ” කියල යි.
මේ
මනුෂ්‍යයාට දවස් හතක් නිරාහාරවෙලා හිටපු නිසා ශරීර ශක්තිය නෑ. ඒ නිසා ගහපු
ගල් පාර බලවත් වුනේ නෑ. දුබල යි. ඇහැට උඩින් වැදුන. වානරය ඇහැරිලා බැලූව.
මෙයා හිතුවෙ සතෙක් වෙන්න ඇති කියල. මෙයා ගහකට පැනගත්ත. පැනගෙන වටපිට බැලූව.
මෙයා කල්පනා කළා, ”මේ නම් දරුණු සතෙකුගේ වැඩක් නෙවේ. ව්‍යාඝ‍්‍රයෙක් හෝ
සිංහයෙකුගෙ දෙයක් නෙවෙයි මේක. එකත් එකට ම මේ දුෂ්ඨ පුද්ගලයගෙ වැඩක් මේක”
කියල. එතකොට මේ ඇහැට උඩින් වැදිච්ච ගල්පාර නිසා තුවාලවෙලා මස් වැදැල්ලකින්
ඇහැ වැහිල ලේ ගලමින් තිබුනෙ. එක එතකින් කඳුලූ පිහමින්, අනිත් අතින් මේ මස්
වැදැල්ල උඩට උස්සල වානරය බැලූව. බලපුවා ම මේ මනුෂ්‍යයා ඉන්නව. මෙයා දැනගත්ත
මේ මනුෂ්‍යයා තමයි මේක කළේ කියල.
ඊට
පස්සෙ ඒ වානරය කියා සිටිය, ”ඔබට මම මේසා උපකාරයක් කළා. මේසා උපකාරයක් කරල
තියෙද්දීත් ඇයි මේ වගේ පාපී ක‍්‍රියාවක් කළේ. ඔබ ලොකු වළක ඉඳල මම ඔබව ගොඩට
ගත්තා. ඔබ දැන් ඊටත් වඩා විශාල වළකට වැටුණ. මිත‍්‍රද්‍රෝහීකම නැමැති වළට ඔබ
වැටුන. බලන්න මම දැන් මේ තුවාලයෙන් ලේ ගලමින් දුක් විඳිනව. පීඩා විඳිනව.
ඔබ බොහෝ දුක්විඳින්න සිද්ධවෙන පවක් කරගත්තෙ. හැබැයි ඔබට කිසියම් ම කිසිකලෙක
මේ පවට විපාක විඳින්ට සිදු නොවේවා කියල මම ප‍්‍රාර්ථනා කරනවා” කියල
කිව්වා. බලන්න මෙච්චර වේදනා දීල තිබුණා වුනත් ඒ කළ දේට විපාක විදිහට දුකක්
ඇති නොවේවා කියලයි මහ බෝසතාණන් වහන්සේ ප‍්‍රර්ථනා කළේ.
ඊට
පස්සෙ කල්පනා කළා, ”මේ වනාන්තරේ ව්‍යාඝ‍්‍රයින්, සිංහයින් ආදී දරුණු සත්තු
ඉන්නව. මේ මනුෂ්‍යයා මෙතන හිටියොත් අනිවාර්යෙන් ම සතෙකුට ගොදුරු වෙනවා.
එහෙම දෙයක් සිද්ධ වුනොත් මගේ අනුකම්පා කිරීමේ අර්ථයක් නෑ” කියල, නැවත
වතාවක් ඒ මනුෂ්‍යයාගේ ජීවිතය බේරා ගැනීම සදහා උපකාර කළා. හැබැයි උපාකර කළේ
”ඔබ ගැන මට විශ්වාසයක් නෑ. ඔබ ගැන විශ්වාස කරන්ට බෑ. ඒ නිසා මම ගස් වලින්
අත්තෙන් අත්තට පැන පැන යනව. එතකොට මම යන දිහා බලාගෙන ඈතින් පයින් එන්න. මම
මිනිස් වාසස්ථාන සීමාව දක්වා පාර පෙන්වන් නම්” කිව්ව. ඊට වඩා කරන්න විදිහක්
නෑ කිව්ව.
ඊට
පස්සෙ මේ වානරය එක අතකින් මස් වැදැල්ල උඩට අල්ලගෙන, ලේ කඳුලූ පෙරන
ඇස්වලින් යුක්තව එක අතකින් අතු අල්ල අල්ලා, අත්තෙන් අත්තට පැන පැන ඒ මහා
වනාන්තරේ විශාල දුරක් ගෙවාගෙන මිනිස් වාසස්ථාන සීමාව දක්වා ම මේ මනුෂ්‍යයාට
මඟ පෙන්නුවා. මිනිසුන් ගැවසෙන සීමාව දක්වා මනුෂ්‍යයා එකතු කරගෙන ගිහිල්ල
ප‍්‍රකාශ කළා, ”දැන් මේ හරියේ දරුණු වන සතුන් නෑ. මිනිස්සු ගැවසෙන ප‍්‍රදේශ
හොයාගෙන යනකොට ඔබට ජනාවාස මුණගැහෙයි. දැන් පිටත් වෙන්න” කියල වානරය ආපහු
වනාන්තරයට ගියා. මේ මනුෂ්‍යයා ගම්මානෙට ගියාට පස්සෙ, මේ කළ දේ විපාක විදිහට
මේ මනුෂ්‍යයට ඒ ජීවිතයෙදි ම නොයෙකුත් දුක් විඳින්ට සිද්ධ වුනා. දුක් විඳල
මේ මනුෂ්‍යයා මරණින් මත්තේ නිරයෙ ඉපදුනා.
මේ
ධර්මය භාග්‍යවතුන් වහන්සේ සිහි කරල දීල කියා දුන්නා ”ඒ වානරය විදිහට
ඉපදිලා හිටියෙ, ඒ තථාගතයන් වහන්සේ ම යි. ඒ බ‍්‍රාහ්මණය විදිහට අතරමං වෙලා, ඒ
වානරයගෙන් උපකාර ලබාගෙන, වානරයගේ හිසට ගල් පහරක් ගැහුවෙ දේවදත්ත” කියල. ඒ
අතීත ජීවිතයෙදීත් මගෙන් මහත් වූ උපකාර ලබාගෙන, ඒ උපාකරය ගැන සලකන්නෙ නැතුව,
තමාගේ ලාභය ගැන ම කල්පනා කරලා මගේ හිසට දේවදත්ත අතීතයෙදිත් ගල් පෙරලූව. මේ
ජීවිතයෙදීත් මගෙන් උපකාර ලබාගෙන, ඒ උපකාර ගැන කල්පනා නොකර ලාභ සත්කාර ම
හොයල මගේ හිසට ගල් පෙරලූව. ඉතින් ඒ විදිහට ඒ අසත්පුරුෂ ක‍්‍රියා කරල
දේවදත්ත ම විනාශවෙලා ගියා” කියල භාග්‍යවතුන් වහන්සේ කියා දුන්නා.
සියලූ දෙනාටම තෙරුවන් සරණයි.
පින්වත් නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ
ජාතක කතා අසුරින්‘රිවිර’ පුවත් පතේ පළ වූ ලිපියකි..